මගෙ යාලුවෝ

Tuesday, October 11, 2011

1. ටියුබ් ලයිට්



සමහර විහිලු කී සැනින්ම තේරෙන්නේ නැත. ඒවා තේරුම් ගන්න ටික වෙලාවක් ගත වෙනවා. 
තේරුම් ගියාට පස්සේ තමයි හිනා යන්නේ. පනහ පැන්නහම කොහොමටත් එහෙමයි.  එහෙම එවුන්ට උන්ගේම ලමයි කියන්නේ ටියුබ් ලයිට් කියලා. දැන් ඉන්න එවුන්ගේ විහිලු වයසක අපිටකොහොමටත් තේරෙනවා අඩුයි. 

කලකට පස්සේ පසුගිය දවසක අපේ නංගි, මස්සිනා සහ එකම කෙල්ලත් එක්ක අපේ ගෙදර ආවා. සුපුරුදු පරිදි කට්ටිය දුක් ගැනවිලි හුවමාරු කර ගන්නා අතරේ,  අපේ එක්කෙනාට 'දැන් අපේ එවුන් අපිට කියන්නේ ටියුබ් ලයිට් කියලා' යි කියවුනා.


'ඕක මොකද්ද අක්කේ' නංගීත් උත්තර බැන්දා. 'අපේ එකී අපට කියන්නේ කොස්සෙන් අනින ටියුබ් ලයිට් කියලා'

සමහර ටියුබ් ලයිට් ස්විච් එක දැම්මාටම පත්තු වෙන්නේ නැත. කොසු මිටකිනුත් අනින්නම ඕනෑය.