මගෙ යාලුවෝ

Thursday, March 1, 2012

14 කොල වෙරි .. කොල වෙරි .. ඩී ...



හෙන්රි මචං මේ ලඟදි 'මට හිතෙන හැටි' බ්ලොග් එකේ ලියලා තිබුනා කස්ටියක් වෙරිමරගාතෙ රයිස් ඇන්ඩ් කරි කන්න ගිහිල්ලා එකෙක් බඩගින්නෙ හිටපු හැටි. ඒක කියවනකොට මට මතක්වුන ඩෝප් සීන් දෙක තුනක් ගැන අද ලියන්න හිතුවෙ.

මම කොලු කාලෙ ලඟින්ම ආශ්‍රය කරපු ගැන්සියෙ එකෙක් 'හපුයියා'. ඌ බොන්න ටිකක් කෑදරයි. දවසක් අපි යාලුවෙක් ගෙ මගුල් ගෙදර ගිහිල්ලා, බොන එවුන් බීලා, බොන්නෙ නැති එවුන් අමුවටම ඇති වෙනකම් නැ‍ටුවා.  මහ රෑ අනිත් සේරම කාලා ඉවර උනහම තමයි අපි කන්න වාඩි උනේ. ඒ වෙනකොට හපුයියට උතුර දකුණත් මාරුවෙලා හිටියේ. අපි සේරම අත් හෝදගෙන කන්න පටන් ගත්තා. අපි බත් පිඟානෙන් බාගයක් කාලා ඉවරවෙනකනුත් හපුය්යා කාටද බැන බැන අත හෝදනවා. ඌ නටන ගමන් කාට හරි කොක්කක් ඇදගෙන වෙන්න ඇති කියලා හිතලා අපිත් ඒක ගැන වැඩියෙ හිතන්නෙ නැතුව අපේ වැඩේ කරගෙන ගියා. අපිට ආයෙත් හපුයියා මීටරේට අහු උනේ අපි කාලා ඉවර වේගෙන එනකොට. එතකොටත් ඌ කාටද බැන බැන අත හෝදනවා. ඒ වෙනකොට උගෙ බැනිල්ලට කුණුහරුප දෙක තුනකුත් එකතුවෙලා. වැඩේ ටිකක් සීරියස් වේගෙන එන නිසා අපි සිහි කල්පනාව තිබුනු දෙතුන් දෙනෙක් හපුයියට කිට්‍ටුවෙලා අහැව්වා 'මොකද මචං කේස් එක' කියලා. මල පැනලා හිටපු ඒකා දත් මිටි කකාම කිව්වා  'මගෙ අත හේදෙන්නෙ නෑ ඩෝ ..' කියලා.  අපි තව ටිකක් කිට්‍ටු වෙලා බලන කොට තමයි කතන්දරේ තේරුනේ. වෙරි මරගාතෙ ඌ අත හෝදලා තියෙන්නෙ අල හොදි කෝප්පෙන්. කලින් කාපු එවුන් අල කෑලි ටික ‍තෝරගෙන කාලා හොදි ටික විතරයි ඉතුරු කරලා තිබිලා තියෙන්නෙ.

ඉතින් මේ වගෙ දෙයක් උනහම ඊ ලඟට වෙන්නෙ කතාවෙ ප්‍රධාන චරිතයට කාඩ් පෝලිමක් වැදෙන එකනෙ. හපුයියටත් ඒකම සිද්ද උනා. ඒ එක කාඩ් එකකට අනුව හපුයියා කොහොමහරි අත හෝදගෙන බත් කනවා. කාල ඉවරවෙලා අත ආයෙත් හෝදලා පිහදාගෙන ලඟ තිබුනු කෝප්පෙකින් මොනවද බොනවා. බීලා කියනවා 'ආතල් සුප් එක .. තව ලුණු ටිකක් ආවනම් ශෝක් ..' කියලා. මේක අහලා අනිත් එවුන්ට තද වෙනවා. ඒ මොකද, උන්ට සුප් ලැබිලා තිබුනෙ නැති නිසා. කොහොම හරි පස්සෙ හොයලා බලනකොට හපුයියා ඇදලා ඇරලා තියෙන්නෙ කලින් කාපු එවුන් අත හෝදපු ඉඳුල් වතුර කෝප්පයක්.

අපේ ගමේ පොරකට ගහපු තවත් කාඩ් එකක් තිබුනා, මම ඒ කතාව මීට කලින් කාගෙ හරි බ්ලොග් එකකට දාපු කොමෙන්ට් එකකත් ලිව්වා මතකයි. ඒ පොරත් කන සාක්කුවෙ දාගෙන තමයි හන්දෑවට ගෙදර එන්නෙ. දවසක් මහ රෑ පොරට චූ බරක් හැදිලා නැගිටලා ගිහින් වෙරි මරගාතෙම එලියට යන්න හිතාගෙන  ඉස්සරහ දොර ඇරලා. දොර ඇරලා බලනකොට තිත්ත කලුවරයිලු. 'යකෝ ගෑනියෙ අද මාසෙ පෝයද බං ...?' කියලා මූ දොරකඩ ඉඳගෙනම චූ පාර ගහලා ඇවිත් නිදාගෙන. පස්සෙන්දා උදේ ගෑණි ඇවිත් දෙස්දෙවොල් තියනකොටලු ඌ දන්නෙ ඊයෙ රෑ චූ කරලා තියෙන්නෙ අල්මාරියෙ දොර ඇරලා ඒක ඇතුලට බව.

කුමන  වැඩ කරද්දි අපේ බොසෙකුත් හිටියා කන් දෙක පාත් වෙනකම් බීලා ඇඟේ චූ කරගන්න. ඩ්‍රයිවර් එක්ක අම්පාර දිස්ත්‍රික්කෙ  තියෙන සේරම බාර්වලින් බීලා ආවහම අපි උස්සලා ගෙනිහින් සරමක් අන්දලා ඇඳට දානවා. උදේට ගිහින් බලනකොට සරම විතරයි ඇඳ උඩ තියෙන්නේ. පොර ඇඳ යට සැපට නිදි හෙලුවෙන්. චූ පාරක් ඇඳ යටින්  ඇවිත් කාමරේ පුරාම දෝරෙ ගලාගෙන ගිහින් තියෙනවා පේනවා. උන්දෑ විශ්‍රාම යන දවසේ අපේ මූණ ඉඹලා ගියේ 'මගෙ පැන්ශන් එක බේරලා දීපු දෙයියලා' කියලා.
 
ගිරිතලෙත් ඉන්නවා නියම කකුලක් අපිට හැමදාම විනෝද සාගරයක් සපයන. ඌට අපි විරත්න කියලා කියමු. බෝතල් එකහමාරක්වත් නැතුව විරත්නට දවස ගත කර ගන්න අමාරුයි. උදේට නැගිටින්නෙ මල පෙරේතයා වගෙ. පළවෙනි කාල ගහලා මූණකට හෝදගෙන, පවුඩර් ටිකක් දාගෙන, මැදපු කමිසයක් කලිසමක් ඇඳගත්තහම ඌට කුමාර පෙනුමක් එනවා. හැසිරීම, කතාබහ ඉතාම ප්‍රසන්නයි, ආචාරශීලියි. දවල් දහයට විතර දෙවෙනි කාල ගහැව්වහම කතාව ටිකක් වැඩි වෙනවා. දවල් දෙකට විතර තුන්වෙනි කාලට වනයක් වෙනවා. හැන්දෑවෙ හයට හතරවෙනි කාලට කාගෙන් හරි ගුටි කනවා. රෑ නමය දහය වෙනකොට ඌ ඩක්වත් ලුවිස් වගේ. දකින දකින හැමෝම එක්ක කතා කරනවා, ඒත් කියන දෙයක් කාටවත් තේරෙන්නෙ නෑ. ඉතින් ඌ කියන දේවල් කවුරුවත් අහගෙන ඉන්නෙ නැති නිසා ඊලඟට TV එක ඉස්සරහින් වාඩි වෙලා ITN එකේ ප්‍රවුර්ති කියන ගෑණි එක්ක උගේ දුක කියනවා. කසාද බඳින වයසේ ඉන්න දුව ගැන තමයි ඌ කියවන්නෙ. බීමට ඇබ්බැහි වෙලා හිටියට විරත්න ඇත්තටම අනුන්ගෙ දුක සැප තේරෙන, දූ දරුවන්ට පනවගෙ ආදරය කරන,  ඉතාම සංවේදී මිනිහෙක්.

17 comments:

  1. මේ පෝස්ට් එකේ ඉන්න අන්තිම ඩයල් එකනම් පව් චරිතයක්...
    දවසක් ඇතුලත මෙච්චර මුදලක් බොන්න වියදං කරන මනුස්සයෙක් එයාගේ පවුල ජිවත් කරවන්නේ කොහොමද කියන එක ලොකු ප්‍රශ්නයක්
    ඒ වගේ අය නිසා පවුලේ මිනිස්සු මොන තරම් දුකක් විඳින්න ඇත්ද..

    ReplyDelete
    Replies
    1. ඇත්තටම විරත්න කරන රස්සාවෙ හැටියට වනජීවී උද්‍යානවලට එන අයගෙන් නිතරම බොන්න හම්බවෙනවා. ඒනිසා ඌ බොන්න පුරුදු වෙලා කියලා මට හිතෙන්නෙ.

      Delete
  2. මෙි බ්ලොග් එක ගැන දැනගෙන මුලින්ම ආවෙ මීට මාසෙකට විතර කලින් .පරන පෝස්ට් කියවුවා ඔක්කොම රසවත් ලිපි ඒ වගේම වයිල්ඩ් ලයිප් එකටත් ගොඩක් කැමතියි ඒ හා සම්බන්දව තොරතුරු ඇතුලත් ලිපි බලාපොරොත්තු ‍ෙවනවා.

    ReplyDelete
    Replies
    1. වනජීවී කතන්දරත් තියෙනවා. වෙලාව ලැබෙන විදිහට ඒවා ලියන්න හිතාගෙන ඉන්නෙ. ස්තුතියි කොනෙන්ට් එකට.

      Delete
  3. බොන එක කොච්චර නරක වැඩක් වුනත් බොන උන් බීල කෙලින පිස්සු වලින් වෙනම සාහිත්‍යයක් නිර්මාණය වෙනවා. ඩෝප් කතා විතරක් එකතු කරලා කතා පොතක් හැදුවොත් (අන්න මචං කරනවානම් වැඩේ!) ඒ පොත කොයි තරම් ලොකු වෙයිද කිව්වොත් වෙලුම් ගනනාවක් ගහන්න වෙයි විශ්ව කෝශයක් වාගෙ.

    අනික මචං ඔය හැමදාම බොන උන්ට අපි ණය ගැති වෙන්න ඕනෙ කාරණා කීපයකට. එක කාරණාවක් තමයි ඔය උඹයි මායි වගෙ යලට මහට බොන උන්ගෙ අගේ අපේ වයිපර් වලට දැනෙන්නෙ හැම දාම බීල ගෙදර එන එවුන් කෙලින පිස්සු දැක්කාම වීම. උන් නැත්නම් අපිව සංසන්දනය කරන්නෙ කාටද? ඔබා අයියා වගේ බොන්නෙම නැති බෝ ගස් එක්කද?

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. බොන එවුන් කරන ඒවා වීඩියෝ කරගත්තොත් මචං කවදාවත් ඉවරවෙන්නෙ නැති නියම මෙගා ටෙලි නාට්ටියකුත් හදා ගන්න පුලුවන්.
      බොන එවුං නිසා ලකුනු වැටිච්ච වෙලාවල් නම් අනන්තයි මචං. උන්ට අපි ඒ අතින් ණය ගැතියි තමයි.

      Delete
  4. //උඹයි මායි වගෙ යලට මහට බොන උන්ගෙ අගේ අපේ වයිපර් වලට දැනෙන්නෙ හැම දාම බීල ගෙදර එන එවුන් කෙලින පිස්සු දැක්කම//

    දීපට පෙන්නන්න වෙන්නැති ඒ චුට්ට...හෙහ්...හෙහ්...

    ReplyDelete
  5. අල්මාරියට චූ කරපු කතාව නං කාඩ් එකක්ම වෙන්නැති, මොකද ඕක සෑහෙන කාලයක් ඉඳල සර්කියුලේට් වෙන එකක්.

    අර සුප් එකේ කතාව කිව්වම මතක් වුනේ, මම ගිරිඋල්ලෙ වැඩ කරන කාලෙ, අපේ ඩ්‍රයිවර් කෙනෙක් මගුල් මේසෙකදී අතුරුපසට තිබුන පුඩිමක් බත් එකට බෙදා ගත්ත එක්ක.

    අනික මම අලව්වෙ වැඩ කරන කාලෙ, අපේ ගෙදර [ගම්පහ] අවුරුදු ලන්ච් එකට ආපු එහෙ වැඩ කරපු පොරක්, පැණි කියල හිතාගෙන අතුරුපස කිරි එකට චිලී සෝස් වක්කරගත්ත එක.

    ReplyDelete
    Replies
    1. දීපා නංගිනම් මේකා ගැන හොඳට දන්නවා ඇති.දැං අවුරුදු විසිපහක් විතර ඉවසගෙන ඉන්නවනේ.

      ඔබා අය්යේ, මේ ලඟදි දානෙකට වැඩපු හාමුදුරුකෙනෙක් මී කිරිවලට කිරි හොදි දාගෙන කනවා මම දැක්කා. හැබැයි හොඳ සිහිකල්පනාවෙන් උන්වහන්සේ හිටියේ.

      Delete
    2. හප්පච්චියේ ඒක වැරදි වැඩක් නෙවෙයි..දකුනේ අය නිතර කරන වැඩක්... මී කිරි එක්ක කිරි හොඳි..කට්ට කරවල හොඳි වගේම කුරහන් පිට්ටු..ඔය වගේ කොයි තරං අයිටම් තියේද...

      Delete
    3. නිවුඩු හාලෙ බත් එක්ක නම් මමත් කිරි කාලා තියෙනවා, පොඩි කාලෙ අම්මලාගෙ ගමේ ගියහම (බද්දෙගම පැත්තේ).

      Delete
  6. අන්තිම පේලියේ දාන්න කියාපු කතන්දර ටික..

    ReplyDelete
  7. මිනිස්සු බීපුවාම හරියට සංවේදී වෙනවා :D

    ReplyDelete
  8. ඩක්වර්ත් ලුවිස් වගේ.......... පට්ටම උපමාවක්...... :D :D

    ReplyDelete
    Replies
    1. ලංකා, හසිත, අලුත් කොල්ලෝ, ස්තුතියි කොමෙන්ට් වලට ...!

      Delete
  9. //ඉතින් ඌ කියන දේවල් කවුරුවත් අහගෙන ඉන්නෙ නැති නිසා ඊලඟට TV එක ඉස්සරහින් වාඩි වෙලා ITN එකේ ප්‍රවුර්ති කියන ගෑණි එක්ක උගේ දුක කියනවා.///

    මේ කෑල්ල දැක්කම හිනා වෙවී ඉදලා, කදුලුත් පැන්නා...

    ReplyDelete
    Replies
    1. මලේ,ඌ දැං පාරෙ යන්නෙත් තනියම කතා කර කර ..

      Delete